හොලිවුඩ් සිනමාවේ මහා මංගල්‍යය වන ඇකඩමි(ඔස්කාර්) සිනමා උළෙල මෙම මස පෙබරවාරි 22 දින 87 වන වරටත් පැවැත්වීමට නියමිතව ඇති අතර එය මෙවර පැවැත්වෙන්නේ ලොස්ඇන්ජලීස් හී පිහිටි ඩොල්බ් තියටර්හී දීය. මෙවර සම්මාන උළෙල මෙහෙයවන්නේ බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන නීල් පැට්‍රික් හැරිස් විසිනි.
මෙම සම්මාන උළලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සඳහා නිර්දේශිත චිත්‍රපට වන්නේ American Sniper , Boyhood, Selma, The Imitation game , Whiplash , The Grand Budapest Hotel , The Theory of Everything යන සිනමා නිර්මාණයි. ස්වීට් චාරෙල් , බ්‍රැඩ්ලි කූපර් , බෙනඩික්ට් කම්බර්බරච්, මයිකල් කීට්න්, එඩී රෙඩ්මයන් යන නළුවන් පිලිවෙලින් Fox Catcher, American Sniper , The Imitation Game , Birdman , The Theory of Everything යන චිත්‍රපට වල රංගනය උදෙසා නිර්දේශිත නාමයන් අතරට එක්වී ඇත. එමෙන් ම හොදම නිළිය සම්මානය සඳහා නිර්දේශිත නාමයන් වන්නේ මේරියන් කොට්ලර්ඩ් , ෆෙලිසිට් ජෝන්ස්, ජුලියානේ මොරේ , රෝස්මුන්ඩ් පීක් , රීස් විදර්ස්පුන් යන රංගන ශිල්පිනියන් ය. ඒ පිලිවෙලින් Two Day One Night , The Theory of Everything , Still Alice , Gone Girl , Wild යන සිනමා නිර්මාණයන් හී රංගනයන් සඳහාය.
මෙවර සම්මාන උළෙලේ සම්මාන නාම 9ක් සදහා නිර්දේශ වූ The Grand Budapest Hotel සහ Birdman යන නිර්මාණ ද්විත්වය වැඩිම නාම යෝජනා වූ චිත්‍රපට වේ. මෙවර ජීන් හර්ෂොට් මානව හිතවාදී සම්මානය හිමි වන්නේ හැරී බෙලෆෙන්ටේ හටය. මෙවර ගෞරව සම්මාන වලින් පිදුම් ලබන්නේ ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක හයායෝ මියාස්කි , ප්‍රංශ තිර රචක ජීන් ක්ලුඩ් ,අයර්ලන්ත ජාතික රංගන ශිල්පිනිය මෝරීන් ඕ’හාර යන මහත්ම මහත්මීන් විසිනි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment