loading

ස්නේහයේ නගරය වෙත පියනගමු.

ආදරයේ මඟ ලකුණු සොයා ජීවිතය දිගේ යන ගමන.............. 

පළමු පටුමග



   එය මිනිස් සිතේ උපදින මනෝරමණීය ම වූ හැඟීමයි. දහසකුත් එකක් වචන වලින් කිසි විටක කියා නිම කල නොහැකි අසීමිත වූ මේ හැඟීම කුමක්ද?. අකුරු හතරකට හකුළුවා ආදරය යැයි කියා හඳුන්වන මේ හැඟීම පිළිබඳ ජීවිතය පුරාවට මිනිසාට ඉගෙනීම ට බොහෝ දේ ඇත. ඒ අතරින් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන ප්‍රේමය සුවිශේෂී තැනක් ගනු ලබයි. 

    නව යෞවන උදාවේ ළහිරු කිරණ ජීවිතයට වැටෙන මොහොතේ පටන් මිය යන තෙක් කොහේ හෝ කොතැනක දී හෝ එය විඳ නොගත් කෙනෙක් නැති තරම් ය.

   එහෙත් ප්‍රේමය හමුවේ අපට මුනගැහෙන ප්‍රශ්න අනන්තය. විඳින්නට ලංකරගත් ප්‍රේමය විඳවීමෙන් කෙළවර නොවන්නට නම් මනා සංයමයෙන් ප්‍රේමය වින්දනය  කළ යුතුය. ප්‍රේමයේ මග මේ යැයි කියන්නට නොහැකි වුවත් ඒ මග යන්නට අප තුළ බොහෝ දේ තිබිය යුතුය. ඒවා එකින් එක විමසා බැලීම වටින්නේ එනිසාමය.


   අපි පියවරින් පියවර ආදරය කියවමු. මේ එහි පළමු අකුරු ඇමිණීමයි. ආදරය හමුවේ අසරණ නොවන්නට, එකිනෙකා වටහා ගන්නට , බිඳුණු පෙමින් ගිණි වැදුණු සිත් නිවා සනහා ගන්නට අපි නිසි මග සොයා යමු.අවසන් සුසුම දක්වා ම ආදර යන හැඟීමේ පණ ද නොනැසේ.ප්‍රේමය යන හැඟීම මුළුමණින් ම හඳුනා ගැනීමටද නොහැක වඩා හොඳ ප්‍රේම වන්තයෙකු /වන්තියක වන්නට තරම් ඒ පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමේ හැකියාවක් අපට ඇත. මේ එවන් අවබෝධයක් ඇති කරගැනීම උදෙසා ආදරය නැමති මාවත හරහා යමින් එහි මං සළකුණු කියවීමකි.


   ප්‍රේමය කුමක්ද? ලිංගිකත්වය යනු ප්‍රේමයේම තවත් එක විචිත්‍ර ඉසවුවක් ද? නැතිනම් ප්‍රේමය රාගයෙන් තොර භාවාත්මක අස්පර්ශනීය හැගීමක් පමණක් ද? ආදරණීය මිනිසෙකු/ගැහැණියක වන්නේ කෙසේද?


   තම විරුද්ධ ලිංගික සහකරුවා තෝරා ගන්නේ , වටහා ගන්නේ සහ ඔවුන් වෙනුවෙන් කැප වන්නේ කෙසේද? ආදරය යන හැඟීම සමඟ එකිනෙකට ගැට ගැසුණු මෙවන් දහසකුත් එකක් ගැටළු නිසා ඔබේ සොඳුරු ප්‍රේමය මෙන්ම ජීවිතයද බිඳ වැටීමට ඉඩ ඇත.එබැවින් අපි ආදරය නම් වූ මේ විචිත්‍රවත් හැඟීමේ සියුම් තැන් පිරිමදිමින් ඇහැරවා ගත යුතුය. ඉතින් මේ මිහිරි ප්‍රේම ආනන්දය පිළිබඳ විමසා බලන්නට අපි හෙටත් මුණගැසෙමු. ප්‍රේමණීය අකුරු ගැළපුමක් සමඟින්....
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment