අයෝමි ශානිකා එහෙමත් නැත්නම් සුදු නංගි වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරියක් කියන එක ඇගේ රසිකයින් නොදන්නා දෙයක් නොවෙයි. එහෙත් ඇය ඇගේ ම ආයුර්වේද මධ්‍යස්ථානයක් ආරම්භ කළේ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමක් විදියට. මංගල කටයුතු සහ විවිධ උත්සව සංවිධානය කරමින් සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කරන අයෝමි ගේ සැමියාගේ කාර්යාලයත් එම ස්ථානයේ ම ආරම්භ කර තිබෙනවා.
සර්වාංග රෝග සඳහා ම ආයුර්වේද ප්‍රතිකාර සපයන එම මධ්‍යස්ථානයේ රුපලාවන්‍ය කටයුතු ද සිදු කෙරෙනවා.අයෝමි පවසන්නේ ඇයත් නිළියක් නිසා ඇය ගේ ආයුර්වේද මධ්‍යස්ථානයේ රූපලාවන්‍ය කටයුතු නොකෙරුනොත් ඒක ලොකු අඩුවක් කියලයි. ඇය ජීවත් වන්නේ නුවර නිසයි ආයුර්වේද මධ්‍යස්ථානය එම පළාතේම පවත්වාගෙන යන්නට අයෝමි තීරණය කර තිබෙන්නේ. කෙසේ වෙතත් ඇගේ සේවාව අවශ්‍ය පිරිස කොහේ සිටියත් ඇය වෙත පැමිණෙන බව ඇය විශ්වාස කරනවා. එමෙන් ම ඇයට මේ දිනවල ලැබෙන දුරකථන ඇමතුම් වලින් මේ සම්බන්ධව ඇගේ රසිකයින් ගේ සහ සේවාව අවැසි අයගේ උනන්දුව හොඳින් ම පැහැඳිළි වෙනවලු. ඉදිරියේදී කොළඹත් මෙහි ශාඛාවක් විවෘත කිරීමටත් ඇයට සිහිනයක් තිබෙනවා.
නිළියගේ භූමිකාවට වඩා වැඩි තැනක් ආයුර්වේද මධ්‍යස්ථානයට දෙන්න ඇය තීරණය කරලා. එහෙත් නැවතත් රංගන කටයුතු සාර්ථක ලෙස අරඹන්න ඇය බලාපොරොත්තුවෙන් ඉන්නවා. වෘත්තිමය වෛද්‍යවරියක් ලෙස ඇගේ පත්වීම කොයි ප්‍රදේශයකට ලැබුණත් එය සතුටින් බාරගන්න බවයි අයෝමි පවසන්නේ. අයෝමිට ඒ සඳහා දුර පළාතකට යන්නට සිදු වුවහොත් ඇගේ අධීක්ෂණය යටතේ එහි කාර්ය මණ්ඩලය විසින් ආයුර්වේද මධ්‍යස්ථානය හොඳින් පවත්වාගෙන යනු ඇතැයි ඇය විශ්වාස කරනවා.
අයෝමි විවහා වී වසරක් පමණ ගෙවී ගොස් අවසානයි. ඇය නොබෝ දිනකින් ම කිරි සුවඳ වෑහෙන අලුත්ම ආරංචියකින් ඇගේ රසික පිරිස සතුටට පත් කරාවි.
0 comments :
Post a Comment