loading

"අන්ධ /ගොළු කෙනෙක් විදියට රසිකයින් අතරට එන්න ආසයි" ශලනි තාරකා Shalani Tharaka කියයි



  ඇය තරු අඹරේ කිරුළු පලන් කුමරියකි. ඇය තරු අහසට නැගුණේ කිරුළක් හිසේ තබාගෙනමය. ඒ සිරස කුමරිය කිරුලයි. ශලනි තාරකා ( Shalani Tharaka ) නම් වූ මේ රුවැත්තිය,ටෙලි නාට්‍ය හරහා අපේ ආලින්දය නිතර හැඩ කරන රංගන ශිල්පිනියක්. පිරිපුන් රුවත් , රංග ප්‍රතිභාවත්, වාසනා ගුණයත් ඇය සතුයි. එනිසාම ඇය කලා ලොවේ කැපී පෙනෙන නිළියක් ලෙස ප්‍රේක්ශක ආදරය නොඅඩුව ලබා ගන්නවා.ඉතින් අපි ඇය ගැන කතා කරමු.

පසුගිය කාලයේදී ඇය ටෙලි නාට්‍ය තුළින් නිරන්තරයෙන් දකින මුහුණක් බවට පත් ව සිටියා. එහෙත් මෑත කාලයේදී එතරම් ඇගේ මුහුණ දකින්නට ලැබුණේ නෑ. එයට හේතුව පුදගලික කරුණක් නිසා ඇය කෙටි කලකට විදෙස් ගත වී සිටීමයි. එහෙත් ඇය 
( Shalani Tharaka ) විදේශ ගත වෙන්නට පෙර චිත්‍රපට තුනකට සහ ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඇය එසේ දායක වූ ටෙලි නාට්‍ය දෙකම රවින්ද්‍ර විජේරත්නගේ නිර්මාණයන්. එමෙන්ම ඇගේ රංගනයෙන් ඔප වැටුණු චිත්‍රපට ත්‍රිත්වය වන "මායාවී" ( Mayawi), "ස්පන්දන" ( Spandana ) සහ "ආකර්ශා" ( Akarsha )තවම තිරගත වී නැහැ. එහෙත් රවින්ද්‍ර විජේරත්නගේ "සද එළිය වාගේ" ( Sanda Eliya Wage ) ටෙලි නාට්‍ය තුළින් ලඟදීම ඇය ඔබේ ආලින්දය වර්ණවත් කරාවි.

ශලනි 
( Shalani Tharaka ) චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වීමට වඩා ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ශකයන් හමුවෙට පැමිණීමට කැමැත්තෙන් සිටිනවා. ඇය පවසන ලෙස රසිකයන් අතර ජනප්‍රියව සිටීමට හැකි පහසුම ක්‍රමය ටෙලි නට්‍යයයි. චිත්‍රපට වලට දායක වුවත් ඒවා කවදා තිරගත වනවාදැයි නොදන්න නිසා ජනප්‍රියත්වයෙන් උපරිමයට යා හැක්කේ ටෙලිනාට්‍යය තුළින් යන්නයි ඇයගේ අදහස.

සිරස කුමරිය ( Sirasa Kumariya ) හරහා කලා ලොවට පැමිණි මේ ආලින්දයේ හැඩකාරියට මුල් කාලයේදී රංගනයට පිවිසීමට ලොකු කැමැත්තක් නොතිබිණත් දැන් එය ඇගේ වෘත්තිය බවට පත් වෙලා. මේ වෙන විටත් ඇය ටෙලි නාට්‍ය 30 කට පමණ සිය රංගන දායකත්වය සපයලා තියෙනවා. ප්‍රේක්ශකයන් හමුවට ඇය පැමිණියේ සෙල්වම් චිත්‍රපටියෙන් පමණක් වුවත් ඊට අමතරව ඇය රංගනයේ යෙදුණු තිරගත වීමට නියමිත චිත්‍රපටි සංඛ්‍යාව 4ක්.

ශලනි පවසන්නේ ජනප්‍රිය වෙන්න විවිධ දේවල් කරන යොවුන් නිළියන් කෙතරම් සිටියත් ඇය ජනප්‍රියත්වය ලබා ගැනීම වෙනුවෙන් එවන් දේ නොකරන බවයි. එහෙත් නිරන්තරයෙන් ලැබෙන රසික ප්‍රතිචාර නිසා ඇය යම් පිරිසක් අතරේ ජනප්‍රිය චරිතයක් වී සිටින බව ඇය විශ්වාස කරනවා.
 

සිරස කුමරිය ( Sirasa Kumariya) ලෙසින් කිරුල හිස පැලදි දා පටන් කලා ලොවේ රුවන් දොරටු ඇයට විවර වුණේ නොසිතූ ලෙසයි. රංගනයට ළදැරියක් වූ ඈ අද ඒ මගෙහි බොහෝ දුරක් ඇවිත්. සම්මාන නොලැබුවත් ලැබෙන යහපත් ප්‍රතිචාර නිසා ඇය ඒ පැමිණි මග ඉතා සතුටු දායක මෙන්ම සාර්තක එකක් විදියටයි ඇය දකින්නේ.

රංගනය ඇය දකින්නේ විනෝදාංශයක් ලෙසයි. හැකියාව ඇති තාක් මෙන්ම ප්‍රේක්ශකයන් ඇගේ රංගනයෙන් තෘප්තිමත් වන තාක් ඇය රංගනය සමඟින් ජීවත් වන පව පවසනවා. අදට නියමිත දෙය අද දිනම කිරීමෙන් සතුටට පත් වනවා මිස එයින් ඔබ්බට ගිය විශාල බලාපොරොත්තු ඇයට නැහැ. එහෙත් අන්ධ හෝ ගොළු චරිතයක් නිරූපණය කිරීමට ඈ කැමැත්තෙන් සිටිනවා.තවමත් එවැනි චරිතයකට ඇයට ආරාධනා ලැබී නැහැ.
 
 කලාව තුළ ඇය පැමිණි මවතේ අතීත ගමන් මග දෙස හැරී බලද්දී නොමැකෙන පියවර රැසක් තිබෙනු දැකිය හැකියි.ඒ අතරින් ඈ රංගන දායකත්වය සැපයූ "සඳපානාගල" ( Sandapanagala ) ටෙලි නාට්‍යයේ ඈ නිරූපනය කළේ වෙනස්ම ආකාරයේ චරිතයක්. ඇගේ රසික පිරිස පමණක් නොව පුද්ගලිකව ඇයද එහි රංගනය පිළිබඳ සතුටු වෙනවා. එමෙන් ම පුංචි වලව්ව නාට්‍යයේ විහාරාගේ චරිතයද ඇය රංගනයෙන් දායක වූ චරිත අතුරින් බොහෝ කතා බහට ලක්වූ චරිතයක්.

මෙවන් චරිත රැසක් ඔස්සේ කලා අඹරෝර සුදීපවත් කල ඇය 
( Shalani Tharaka )ඉදිරියටත් වඩා හොඳ නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment