loading

නෙතට රසඳුනක් කනට මීවිතක් - නිකී මිනාජ් Nicki Minaj

  

  ඈ YOUTUBE  හරහා ලොවක් උමතු කළ සුරූපී තාරකාවන් අතරේ සුදීපවත් තාරකාවකි. සරාගී රූ සපුවත් එයට නොදෙවෙනි සුගායනීය හඩත් ඇය යෞවනයේ උමතුව බවට පත් කළේය. ඇය ඔනිකා ටන්යා මරාජ්  (Nicki Minaj) යන නමින් 1982 වසරේ දෙසැම්බර් මස 08 වෙනි දින කාරොල්ට සහ රොබට් මරාට දාව මෙලොවට දායද විය.
  

  වයස අවුරුදු 05 සිට ඇගේ (Nicki Minaj) ජීවිතයේ පිටු ලියැවුණේ නිව්යෝක් නගරයේ ඇගේ මිත්තණිය සමඟිනි. La Guardia High School විද්‍යාලයෙන් උපාධි කිරුළ ලබාගත් ඇය පරිපාලන සහකාර වරියක් ලෙසත්, කාර්යාල කලමනාකාරියක ලෙසත් (පාරිබෝගික සේවා ආයතනයක ) සේවය කළාය. එහෙත් මේ සුරූපිණියගේ දෛවය ලියැවී තිබුණේ ඒ උදෙසා නොවේ. ඒ බව සනාථ කරමින් 2007 වසරේදී  Play time is over නමින් ඇගේ කුළුදුල් කැසට් පය එළිදක්වන ලදී . 2008 වර්ෂයේදී  Sucka free නමින් දෙවෙනි කැසට් පටය එලිදක්වන විට  ඇගේ කලා දිවියේ තීරණාත්මක පිටු කිහිපයක් ම  පෙරලෙමින් තිබුණාය. ඇය රැප් ගායකයෙකු වූ Lil Wayne සමඟ  ද  එක්ව ගී ගයමින් ගී ලොවේ විවිධ මාවත් ඔස්සේ ගමන් කළාය. Billboard hot rap song ගීත දර්ශකයේ හොඳම ගීත දහය අතරට පත් වෙමින් ද , hot R & B/ Hip-Hop songs  හරහා හොඳම ගීතයන් අතර ඇගේ නිර්මාණ රදවා ගැනීමට හැකි වීමෙන්ද ඇය ප්‍රේක්ෂක ප්‍රජාව අතර පරසිදු සරාගී ගායිකාවක වන්නට සමත් විය. 
  
  Young money entertainment නැමති ගීත පටිගත කිරීමේ ආයතනය සමඟින් ගිවිසුමක් අත්සන් කරමින් 2009 වසරේදී ඈ තීරණාත්මක පියවරක් තැබුවාය. ජනප්‍රිය තලයේ ඉහලටම ගමන් කල  Pink Friday සහ Black Friday  යන ගීත තුළින් 2010 වසරේදී  ඇගේ සාර්තකත්වය තවදුරටත් තහවුරු විය. ඇගේ මේ කුසලතා පූරණ ගමනේදී ඇය සම්මාන 32ක හිමිකාරියක් විය. ඇය ඇගේ කුළුදුල් සම්මානය හිමි කරගත්තේ 2008 වසරේදීය
  

  ඇය 2007 වසරේදී ෆුල් ෆෝර්ස් සංගීත කණඩායමේ ගායිකාවක ලෙස කටයුතු කල අතර WWE The music, vol.6 ගීත ඇල්බමය එළිදැක්වීමත් සමඟ ඇය එම සංගීත කණඩායමෙන් සමු ගත්තාය.  WWE Diva Victoria තරඟය සඳහා ඇටුලත් වීමේ ගීතයද ඇගේ කලා ලොවේ නිර්මාණශීලි තවත් එක් පියවරකි.
      

  2008 වර්ෂයේදී ඇය පළමු වරට සඟරාවක සම්මුඛ සාකච්චාවක් සඳහා පෙනී සිටිනු ලැබීය. 'Spate' සඟරාව විසින් මෙම සම්මුඛ සාකච්චාව සිදු කරණු ලැබූ අතර එම සඟරාවේ  මුල් කවරය ද ඇගේ රුවින් හැඩ විය. ඇගේ තෙවැනි ගීත ඇල්බමය වූයේ 2009 වසරේ ගීත ලොවට දායාද කල 'Beam me up scotty'  නිර්මාණ එකතුවයි.
        

  ඔනිකා ටන්යා මරාජ් ලෙස ඉපිද " නිකී මිරාජ්" (Nicki Miraj) ලෙසත් ඉන්පසු " නිකී මිනාජ්"  (Nicki Minaj) ලෙසත් සිය නාමය වෙනස් කරගත් මේ සරාගී ගිණි පුළිඟු ව , කුසලාතා පූර්ණ ගායන තරුව 2014 දී 'Anaconda' නමින් එළිදැක්වූ ගීතය YOUTUBE ජාලය හරහා ‍යෞවනයේ උමතුවක් බවට පත් වෙමින් මහත් පෙරළියක් ඇති කරන්නට සමත් විය.

Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment