ජැකලින් ෆර්නැන්ඩස් ( Jacqueline Fernandez ) රඟන නවතම හින්දි චිත්‍රපටය “බ්‍රදර්ස්”
ශ්‍රී ලංකාවේ රූ රැජින කිරුළ හිස දරාගෙන බොලිවුඩ් පුරවරයේ තරු අතරට පිවිසුණු ජැක්ලින් ෆර්නැන්ඩස් (Jacqueline Fernandez )මෙම වසරේ ජූලි මස තිරගත වීමට නියමිත නවතම චිත්‍රපටයකින් ඇගේ රසික රසිකාවියන් හමුවීමට සුදානමින් සිටි. ඒ කරන් මල්හෝත්‍රා ගේ “බ්‍රදර්ස්” (Brothers 2015) චිත්‍රපටය තුළිනි. “ඇලඩින්” සහ “කික්” චිත්‍රපට ඔස්සේ බොලිවුඩ් සිනමාලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් ජැකලින් (Jacqueline Fernandez ) , මෙවර “බ්‍රදර්ස්” චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණෙන්නේ වෙනස්ම පෙනුමකින් යුතුවය.
ජැකලින්(Jacqueline) අක්ශේ කුමාර්(Akshay Kumar) ගේ පෙම්වතියගේ චරිතයට පණ පොවන මෙම චිත්‍රපටයට තේමාව වී තිබෙන්නේ සොහොයුරන් තිදෙනෙකු වටා ගෙතුනු අපූරු කතාවකි. සිද්ධාර්ත් මල්හෝත්‍රා ( Sidharth Malhotra ) සහ ජැකී ශේරෝෆ් (Jackie Shroff ) යන රංගන ශිල්පීන් ද “බ්‍රදර්ස්” ( Brothers 2015) චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන අතර මේ වන විටත් මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කර තිබේ.
0 comments :
Post a Comment