
ඔහුගේ මෙම කුසලතා පුර්ණ රංගනයේ සාර්ථකත්වය තව දුරටත් තහවුරු කරමින්, BAFTA සම්මාන උළලේ මෙන්ම පසුගිය 25 වන දින රාත්‍රියේ පවතී Screen Actors Guild awards 2015 සම්මාන උළෙලේ ද හොඳම නළුවාට හිමි සම්මානය තමන් සතු කර ගැනීමට Eddie Redmayne හට හැකි විය . එනිසාම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානයට නිර්දේශිත නාමයන් අතරින් ද
![]() |
එඩී රෙඩ්මේන් ස්ටීවන් හෝකින්ස් සමඟ |
1982 ජනවාරි මස 06 වෙනි දින ලන්ඩනයේදී උපත ලැබූ මේ ප්‍රතිභාව පුර්ණ රංගන ශිල්පියාගේ සම්පුර්ණ නම එඩ්වර්ඩ් ජෝන් ඩේවිඩ් රෙඩ්මේන් නම් වේ. සොයුරන් තිදෙනෙකුගෙන් සහ එක සොහොයුරියකගෙන් යුත් ව්‍යාපාරික පවුලක උපන් රෙඩ්මේන් මූලික අධ්‍යාපනය ලැබුවේ Eton College නැමති පාසලෙනි. විලියම් කුමරු සහ Ivo Stourton එම පාසලේ ඔහු සමඟ අධ්‍යාපනය හැදෑරු සමකාලීනයන් ය. ඔහු ඉන් පසු කේම්බ්‍රිජ් ත්‍රිත්ව විද්‍යාලයට ඇතුලත්වූ අතර 2003 වසරේදී කලා ඉතිහාසය පිලිබඳ උපාධිදාරියෙකු විය.
![]() |
ගෝල්ඩන් ග්ලෝබ් දෘශ්‍ය කාව්‍ය අංශයේ හොඳම නළුවා සම්මානය |
මෙම චරිතාංග නළුවාගේ ගමන් මග කලාව දෙසට යොමු වන්නේ 2002 දීය. ඒ Twelfth Night නැමති වේදිකා නාට්‍යයෙනි. Evening Standerd Theatre Award සම්මාන උළෙලේ 2004 වසරේදී නැගී එන නළුවාට හිමි සම්මානය ලැබීමත් සමඟ සිනමාවට ප්‍රවිෂ්ට වූ ඔහු Black Death , The yellow handkerchief, Les Miserables , My Week with Marilyn ඇතුළු සිනමා නිර්මාණ කිහිපයකටම සිය රංගන දායකත්වය සපයා ඇති අතර ඇතැම් නිරූපනයන් පැසසුම් සහගත බව විචාරකයන් පවසයි.
ඔහු මේ වන විට රංගන ශිල්පියෙකුට අමතරව නිරූපණ ශිල්පියෙකු ලෙසද කටයුතු කරයි. Eddie Redmayne විසින් 2008 දී සහ 2012 දී Burberry Group plc නමැති බ්‍රිතාන්‍ය විලාසිතගාරයේ නිරූපණ ශිල්පියෙකු ලෙසද කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් ඔහු පැමිණි ගමනේදී ඔහු පා තැබූ ස්වර්ණමය නිම්නය The Theory Of Everything චිත්‍රපටය වේ. ඔහුගේ රංගන නිපුණත්වයේ උපරිමය ලොවට ගෙනෙහැර පෑමට තෝතැන්නක් වුයේ එම සිනමා නිර්මාණ යයි.
![]() |
Screen Actors Guild awards 2015 හොඳම නළුවාට හිමි සම්මානය |
0 comments :
Post a Comment