loading

වීනු ගේ නිකැළැල් මුහුණ කැළැල් වුණේ කොහොමද?

   
   වීනු උදානි ( Vinu Udani ) එහෙම නැත්තන් වීනු සිරිවර්ධන ( Vinu Siriwardana ) කියන්නේ යොවුන් පරපුරේ සුරූපී තාරකාවක්. ඒත් පසු ගිය දින වල ඇගේ සුරූපී නිකැළැල්  මුහුණේ ලොකු කැළලක් දකින්නට ලැබුණා. අන්තර්ජාලයේ පලවී තිබූ එම ඡායාරූප පෙළ නිසා රසික හදවත් වල ඇති වුණේ ලොකු තිගැස්මක්. වීණුට මෙහෙම කරදරයක් වුණේ කොහොමද? මේ ලොකු පිළිස්සුම් කැළල පිළිබඳ රහස කුමක්ද?. ඇත්තෙන් ම වීණුගේ මුහුණේ මේ කැළල ට හේතුව මියුසික් වීඩියෝවක්. මේ වෙස් ගැන්වීම ඇයට සිදුකර තිබෙන්නේ නුදුරේදී රසිකයින් අතරට පැමිණීමට නියමිත මියුසික් වීඩියෝවක නිරූපණ කටයුතු වෙනුවෙන්.

   ඇත්තෙන්ම වෙස් ගැන්වීමක් ලෙස හඳුනා ගැනීමට නොහැකි තරම් තාත්වික ලෙස පිළිස්සුම් කැළලක් සහිත ඇගේ රුව රැගත් ඡායාරූප අන්තර්ජාලයේ සැරිසැරීමට සැළැස්වීම ප්‍රචාරණ උපක්‍රමයක් ද විය හැකියි. කෙසේ වෙතත් මෙම මියුසික් වීඩියෝව තුළින් වීණුගේ වෙනස් ම ආකාරයක රංගනයක් දැක ගැනීමට රසික ඔබට හැකි වනු ඇති.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment