සනත් අභිබවා සංගා ඉදිරියට
පසුගිය 20 වෙනි දින ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවති තරඟයේදී ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම ලකුණු ලභීන් අතරින් තෙවැනි තැනට පත් වීමට සංගක්කාරට හැකි විය. ඔහු විසින් රැස් කරගෙන තිබූ මුළු ලකුණු ප්‍රමාණය 13490 වන අතර මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියන ලද සනත් ජයසූරිය විසින් ලබා ගෙන තිබූ මුළු ලකුණු ප්‍රමාණය වන්නේ 13430 කි.
සචින් තෙන්ඩුල්කාර් එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභියා ලෙස 18426 ක ලකුණු ප්‍රමාණයකට හිමිකම් කියන අතරම එහි දෙවැනි ස්ථානය හිමි වන්නෙ ලකුණු 13704කට හිමිකම් කියන රිකී පොන්ටින් ට ය. සංගා එහි තෙවන ස්ථානයට හිමිකම් කියන අතර සනත් ජයසුරියගේ නම රැඳෙන්නේ එහි හතර වන ස්ථානයේය.
0 comments :
Post a Comment