නොමිලේ ගොසිප්ස් නිසා නොමිලේ ප්‍රසිද්ධිය ලබන නෙහාරා
ඇය පුංචි තිරයේ දඟකාර රුවැත්තියයි. නෙහාරා පීරිස් නමින් මුලු මහත් ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින රසික හිතවතුන්ගේ ආදරය නොඅඩුව දිනාගන්නා මේ සොඳුරු තාරකාවගේ නම දැන් වෙනස් වෙලා. දැන් ඇය නෙහාරා පීරිස් රාජපක්ෂ . නිරන්තරයෙන් ම නෙහාරා සොඳුරු ආභරණයක් පළදිනවා. ඇය පවසන අයුරුන් එය දෙවියන්ගෙන් ලැබුනු දායාදයක්. මේ ආභරණය ඇයට ගෙන එන්නේ පුදුමාකාර සිරියාවක්. ඇයව සිරිකතක් කල ඒ ආභරණය තමයි ඇගේ සිනහව. ඕනෑම අභියෝගයක දී සිනහවෙන් ජීවිතයට මුහුණ දෙන්න ඇයට පුළුවන් වුණේ ඇය ඇගේ වයසටත් වඩා අත්දැකීම් වලින් පරිණත වී සිටින නිසයි.
ඇය ගෙවූ අවුරුදු විසි හයක කාලය තුල ඇය බොහෝ දේ අත් දුටුවා. ඇය කියන්නේ වයස අවුරුදු තිහක කාන්තාවකට වඩා ඇයට ජීවිතේ ගැන අත්දැකීම් තියෙන බවයි.
නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ සැබෑ ලොවේදි පෙම්වතුන් වන්නට පෙර තිරයේ පෙම්වතුන් ලෙස අපට හමු වුණා. දැන් ඔවුන් විවහා ජීවිතයෙත් හුඟ දුරක් ගමන් කරලා. මේනක ඇයට හුඟක් ආදරේ බවයි ඇය පවසන්නේ. එහෙත් පෙර දී තරම් දැන් ඔවුන්ට ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබෙන්නේ නැහැ. එය මේනක-නෙහාරා යුගය අවසන් වීමේ නිමිත්තක් ද? කෙසේ වෙතත් නිහාල් ප්‍රනාන්දු ගේ කුලැත්තියෝ හරහා නැවතත් මේ දෙපළ පුංචි තිරයෙන් ඔබ හමුවේවි. එමෙන් ම රවින්ද්‍ර විජේරත්නගේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත නවතම ටෙලි නිර්මාණයකට ද ඇයට ආරාධනා ලැබී තිබෙනවා.
සුමති සම්මාන උළලේ ජනප්‍රිය නිළියන්ගේ ලැයිස්තුවෙන් ඇගේ නම මැකී යාමත් සමඟ පසු ගිය කාලයේ ඇගේ ජනප්‍රිය බව තරමකින් අඩු වුණා යැයි රසික ඔබට සිතෙන්නට පුළුවන්. එහෙත් මෙවර පීපල් අවොර්ඩ්ස් උළලේ තාරුණ්‍යය නියෝජනය කරන ජනප්‍රිය නිළිය සම්මානය දිනා ගනිමින් ඇය තවමත් ජනප්‍රියත්වයේ ඉහළම තලයක සිටින නිළියක් බව තහවුරු කළා. එහෙත් ඇය පවසන්නේ සම්මාන වලින් ජනප්‍රියත්වය මැනිය නොහැකි බවයි. ඇතැම් ජනප්‍රිය යැයි පවසන නිළියන් ගේ නමවත් ප්‍රේක්ෂකයින් අතරට ගොස් නැති නමුත් ඇයට සිටින්නේ නම කී පමණින් ඇයව හඳුනන රසික පිරිසක් බවයි ඇය පවසන්නේ.
නෙහාරා මේනක යුවල ටෙලිනාට්‍යක් නිශ්පාදනය කරන්නට යන බවට කතා බහක් තිබුණත් විකාශණය කරගැනීමේ අපහසුතාවයක් ඇති වේයැයි බිය නිසා එය අතහැර දැමීමට දෙදෙනාම තීරණය කරලා. මේනක සමඟ ගෙවන විවිහා ජීවිතය පිළිබඳව ඇය කතා කරන්නේ බොහොම සතුටින්. දෙදෙනාම කතෝලිකයින් නිසා කල් වේලා ඇති හැම වෙලාවකම දෙව්මැඳුරට යනවලු. මේනක කිසිම අඩුපාඩුවක් නොකියා ඇය පිසින ඕනෑම ආහාරයක් රසවිදින බවත් ඇය පවසනවා. ඉතාමත් සැහැල්ලුවෙන් ගෙවෙන මේ ජීවිතය දෙස බලද්දී තිරයේ මේනක නෙහාරා යුගයේ අවසානය මෙය යැයි සිතුනත් සැබෑ ලොවේදී මේනක නෙහාරා යුගය ඇරඹී තිබෙන්නේ දැන් යැයි සිතෙනවා.
ඔවුන් දෙදෙනා පිළිබඳව නිර්මාණය වූ කට කතා රැසක් පසු ගිය කාලයේදී අසන්න්ට ලැබුණා. ජනප්‍රියත්වය අඩු වුණු විට වෙනත් නළු නිළියන් රණ්ඩු සරුවල් ඇති කරගනිමින් තමන් විසින් ම කට කතා පතුරුවාගනිමින් ජනප්‍රියත්වයේ රැදී සිටින්නට උත්සහ කරනවා. එහෙත් නෙහාර කියන්නේ ඔවුන් සම්බන්ධ ව නිර්මාණය වූ කටකතා සියල්ලම වෙනත් අය විසින් නිර්මාණය කල කට කතා නිසා ඇයට නොමිළයේ ම ඒ අවස්ථාව සැලසුණු බවයි.
නිළියක් ලෙස මෙන් ම නිවේදිකාවක් ලෙසද තරු අතරේ ඇය දීප්තිමත් වෙනවා. මල් බර දෙරණ සහ ටී පාටි වැඩසටහන් හරහා නිවේදිකාවක ලෙස නෙහාරා ඔබේ ආලින්දයට එනවා. ඇය තුළ සිටින නිවේදිකාවට රසික රසිකාවියන් බෙහෙවින් කැමති බවයි ඇගේ අදහස.
ඇය ජීවිතය නම් අසීරු ගමනේ ලබා ගත් ජයග්රහන මෙන් ම පරාජයන් හමුවේද නොසැලී සිටි තරුණ නිළියක්. ඇගේ මතු අනාගතයටද එලෙස ම මුහුණ දෙමින් කලාකාමී ඇගේ රසික පිරිස උදෙසා තව දුරටත් රංගනයේ නියැලෙන්නට අවශ්‍යය වාසනාව සහ ශක්තිය අපි ඇයට ප්‍රාර්ථනා කරමු!
0 comments :
Post a Comment