loading

කත්‍රිනා කයිෆ්, රන්බීර් කපූර් විවහා ගිවිසගැනීම ලන්ඩනයේදී


  'සෙට් සෝනි' සැටලයිට් නාලිකාවේ වැඩසටහනක දී කත්‍රිනා කයිෆ් සිය රසිකයින් මවිත වෙන ආකාරයේ යමක් පැළද සිටියාය. ඇගේ වම් අතේ ඇඟිල්ලක් විවාහා ගිවිස ගැනීමේ මුදුවකින් සැරසී තිබුණි. ඇය එම විනෝදාත්මක වැඩසටහනින් එම මුදුව ප්‍රදර්ශනය කිරීමත් සමඟ ඇය විවාහ ගිවිසගෙන ඇති බවට කතා බහක් බොලිවුඩයේ පැතිර යන්නට විය.  රන්බීර් කපූර්ගේ සහ කත්‍රිනා කයිෆ්ගේ ආදර අන්දරය දැන සිටි කාගේත් දෑස් ඊලඟට යොමු වුණේ රන්බීර් කපූර් වෙතයි. මෙම විවහා ගිවිස ගැනීම සිදු වී තිබෙන්නේ ලන්ඩන් නගරයේදී. ඒ කත්‍රිනාගේ නත්තල් සාදයට සහභාගී වෙන්නට රන්බීර් එහි ගිය අවස්ථාවේදියි. කත්‍රිනාගේ පවුලේ සාමාජිකයින් ද එක්වූ මේ විවහා ගිවිසගැනීමට රන්බීර්ගේ දෙමාවුපියන් ද පැමිණ තිබෙනවා. ඔවුන් එහි ගොස් තිබෙන්නේ රන්බීර් ලන්ඩනයට ගොස් දින දෙකකට පසුව යි. රන්බීර් කපූර්, කත්‍රිනා කයිෆ්  ආදරය පිළිබඳ අවධානයෙන් සිටි  රසිකයින් ඒ පිළිබද බෙහෙවින් සතුටට පත් වුවත් කත්‍රිනාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්  ප්‍රකාශයක් නිකුත් කරමින්  පවසා  සිටියේ එය හුදෙක් ම කටකතාවක් පමණක් බවයි.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment