loading

වීරත්වයට මනුෂ්‍යත්වයේ පාට කැවූ මිනිසාගේ කතාව - මහරජ ගැමුණු, හෙළ සිනමාවට දායාද වූ අමිල නිර්මාණයක්


   හෙළ සිනමා අඹරෝර මත දීපතිමත් වූ ඓතිහාසික සිනමා කෘතීන් අතරින් මෙතෙක් මෙරට තුළ නිෂ්පාදනය කෙරුණු දැවැන්තම සිංහල චිත්‍රපටය වූ මහරජ දුටුගැමුණු මෙම මස 23 වෙනිදා සිට ඊ.ඒ.පී මණඩලයේ සිනමා හල් රැසක ,ශ්‍රී ලාංකේය සිනමා රසිකයන්ගේ රස වින්දනය උදෙසා ප්‍රදර්ශනය නියමිතයි.

   මෙම චිත්‍රපටය ජයන්ත චන්ද්‍රසිරි නමැති අග්‍රගන්‍ය සිනමාවේදියා විසින් කරන ලද නිර්මාණශීලී ඓතිහාසික ප්‍රති නිරූපණයකි. මෙය ප්‍රවීණ සාහිත්‍ය විචාරකයෙකු වන ගුණදාස අමරසේකරයන් විසින් භාෂා මය විදර්ශනාවක් ලෙසින් හඳුන්වා දෙනු ලැබූ චන්ද්‍රසෙකරයන්ගේ මහරජ දුටුගැමුණු කෘතියේ සිනමා අනුවර්තනයයි.

   අභිමානවත් ජාතියකට තමන්ගෙ ඉතිහාසය කියන්නේ හරියට ගහකට මුල් වගෙයි.ශ්‍රී ලංකා ඉතිහාසයෙත් තැනින් තැන මතුවුණ උදාර චරිත අදටත් වන්දනාමානයෙන් පිදුම් ලබන්නේ ජාතියක, දේශයක පැවැත්මට කල අමිල මෙහෙවර නිසා වෙන් මයි. දුටුගැමුණු යනු ශ්‍රී ලංකාවේ සිටි තවත් එක් රජෙක් පමණක් නොවේ .වීරයෙක් පමණක් නොවේ. ඔහු මානව හිතවාදී නිහතමානි මිනිසෙක්. ඒ නිසයි ධීර  ඉතිහාසයක ඉහළින්ම සනිටුහන් වන වීර නාමය ඔහු වන්නේ.


   එවන් උදාර යුග පුරුෂයෙකුගේ ජීවන වෘත්තාන්තය අලලා නිර්මාණය වූ මෙම දැවැන්ත ඓතිහාසික චිත්‍රපටය සිප්වින් චිත්‍රපට වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලැබුවේ කථිකාචාර්ය ගුණපාල රත්නසේකරයන් විසිනි.


   නදීක ගුරුගේ නැමති අපූර්ව සංගීත වේදියාගේ මධුර ස්වර සංකලනයෙන් ද රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණයෙන්ද අලංකෘත වූ මෙම සිනමා නිර්මාණයේ සංගීතය සඳහා කන්කළු කඬ මුසුව චන්ද්‍රිකා සිරිවර්දන , නිරෝශා විරාජිනී , නදීක ගුරුගේ සහ දිලීකා අබේසේකර යන ප්‍රවීණයින් විසින් සිදු කරන ලදී.
       

   ගේය පද සංකල්පනාවන් පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගෙන් සහ ජයන්ත චන්ද්‍රසිරිගෙනි. රුවන්කොසතා විසින් කැමරා අධ්‍යක්ෂනය කරන ලදී. අංගරචනය ජයන්තා රණවකගෙනි. ලලිත් ධර්මවර්දන කේෂාලංකරණයෙන් ද දිනිදු ජාගොඩ වර්ණ සංකලනයෙන් ද අජිත් රාමනායක සහාය සංස්කරණයෙන්ද  පුබුදු ධනංජය සහාය ශබ්ද පරිපාලනයෙන්ද දායක වෙති.
                

   ජැක්සන් ඇන්තනි, උද්දික ප්‍රේමරත්න, ශ්‍රීයන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි, සාරංග දිසාසේකර, කුසුම් රේණු, යශෝදා විමලධර්ම, ශිරාණි කොස්තා, දමිතා අබේරත්න, අරුණි රාජපක්ෂ, ගංගු රොෂානා, තිස්ස ගුණතිලක, තාරකා වන්නිආරච්චි, රෙබෙකා නිර්මලී, ජගත් මනුවර්ණ, ලකී ඩයස්, අජිත් වීරසිංහ, අර්ජුන කමලනාත්, කුසුම් රේණු, ගාමිණී ජයලත්, අනුර ධර්මසිරිවර්ධන, දිමුතු චින්තක, මීනා කුමාරි, බුද්ධිනී පූර්ණිමා, උදිත ගුණරත්න, සමන්ප්‍රිය මාරසිංහ, සඳුන් බණ්ඩාර, ලක්ෂ්මන් රාජපක්ෂ. ශිරාණි කොස්තා, තිස්ස ගුණතිලක, හේමන්ත රන්දුණු,  මුදිත විෙ-සුන්දර ආදී කලාලරුවන් රැසක් මේ සදහා සිය රංගන දායකත්වය සපයන අතරම නිමල් ප්‍රින්සස් සහ සරත් සේනාරත්න ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කටයුතු කරන ලදී.
      

   ප්‍රවීන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් හෙල සිනමාවට දායද වන්නට නියමිත මේ ඓතිහාසික නිර්මාණය පිළිබඳ පූර්ව ප්‍රචාරක පට ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.maharajagemunu.lk මඟින් දැකගත. හැක එසේත් නැත්නම් ඊ.ඒ.පී මණඩලයේ සිනමා ශාලාවලින් සහ යූ ටියුබ් මඟින්ද දැකගැනීමේ හැකියාව පවතී.
     

   හෙළ ඉතිහසයේ එක් යුගයක වර්තමාන සිනමාරූපී කියවීමක් ලෙස හැදින්විය හැකි මහරජ දුටුගැමුණු ලොකු කුඩා කාටත් නැරඹිය හැකි දැනුමෙන් මෙන්ම රසවින්දනයෙන්ද පිරිපුන් චිත්‍රපටයකි.

Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment