loading

ශ්‍රී දේවි ,අර්ජුන් එකම චිත්‍රපටයක



  එක් යුගයකදී හින්දි සිනමාව තුළ ඇය අද්විතීය සුරූපී නිළි තාරකාවක් වුණා. එහෙත් ඇය බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක වරයෙකු වූ බොනී කපූර් සමඟින් විවහා වූ පසු රංගනයෙන් බොහෝ දුරට ඈත් වී සිටියා. දරුවන් දෙදෙනෙකුගේ මවක් ලෙස ඇය සතුටුදායක ලෙස ඇගේ යුග දිවිය ගෙවමින් සිනමාවෙන් වෙන්වී සිටියත් ,වසර 15කට පසු ඉංග්ලිෂ් විංග්ලිෂ් චිත්‍රපටයෙන් ඇගේ ලොව පුරා සිටින රසික පිරිස අතරට පැමිණියා. ඉන් පසු ඇය නැවතත් දිගු නිහැඩියාවකින් පසු වුණා.
      මෙම වසරේදී ඇය  චිත්‍රපටයක් සඳහා දායකි වීමට සූදානම් වී සිටින බවයි බොලිවුඩ් පුරයෙන් වාර්තා වෙන්නේ. එහි සුවිශේෂීත්වය වන්නේ බොනී හෙවත් ඇගේ සැමියාගේ පළමු විවහයේ පුතු වන අර්ජුන් කපූර් ද මෙම රංගනයේ යෙදීමයි. දෙදෙනා අතර තරමක විරසකයක් පවතින නමුත් මෙහි රංගනය සඳහා දායක වීමට දෙදෙනාගේම අකමැත්තක් පල වී නැහැ.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment