සුනාමි ව්‍යසනය සිදුවී වසර ගණනාවක් ගෙවී ගියද අඳුරු පැහැයෙන් මිනිස් ජීවිත වල ලියැවුනු සටහන් සියල්ල මැකී ගොස් නැත. ඒ බිහිසුණු දිනයේ පටාචාරාවන් බොහෝ දෙනෙකු සන්තකය අහිමි වී සරණක් නොමැතිව අසරණ වන්නට ඇත. ඒසේත් නැත්නම් උමතු වන්නට ඇත. ඒ අතර ජීවිතය යළි ලියන්නට දිරිය ගත් අය ද සිටින්නට ඇත.
ඉතිහාසයේ පිටු යළිත් පෙරළමින් අනියතයේ නියත ධර්මය පිළිබද කියවෙන අපූරු සිනාමා නිර්මාණයක හඬ කැවීම් මේ දින වලදී සිදු කෙරේ. සුනාමියෙන් සෙනෙහසින් ජීවිතය බැඳ තැබූ වරපට සියල්ලම ලිහී අසරණව උමතුව සිටි ගුවන් සෙවිකාවක පටාචාරා කතා වස්තුව ශ්‍රවණය කිරීමෙන් අනතුරුව සිත නිවා සනසා ගනු වස් භික්ෂුණූ සාසනයට ඇතුල් වීම නිමිත්ත කරගනිමින් නිර්මාණය වූ මෙම සිනමා නිර්මාණය “අපේ කාලේ පටාචාරා” නමින් මෙම වසරේ තිරගත වීමට නියමිතය.
මෙම චිත්‍රපටයේ චරිත ද්විත්වයකට පන පොවමින් වෙසෙස් රංගනයක යෙදෙන දුලානී අනුරාධා එහිදී පටචාරා සහ කුමාරි යන චරිත සඳහා රංගනයෙන් දායක වේ.
ක්ලීටස් මෙන්ඩිස්, අනුෂා දිසානායක, සාරංග දිසා සේකර, වීණු සිරිවර්ධන ඇතුළු නළු නිළියන් විශාල පිරිසක් රංගනයේ යෙදෙන මෙම චිත්‍රපටය හෙළවුඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් වෙනුවෙන් නිර්මානය කරණු ලබන්නේ විශ්ව කුමාරවතියගේ විසිනි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment