loading

ඩිවිලියර්ස් එක්දින තරඟ පිටියේ වාර්තාගත විශිෂ්ට පිතිහරඹයක

   පසුගිය දින දකුණු ඉන්දීය කොදෙවු පිළට එරෙහිව  පැවති එක්දින තරගයේදී දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ඒ. බී ඩිවිලියර්ස් විසින් එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය සහ වේගවත්ම ශතකය වාර්තා කිරීමට සමත් විය. දකුණු අප්‍රිකාණු එක්දින පිළේ නායකයාද වන ඔහු මෙම මස  18 වෙනි දින ජොහැන්නස්බර්ග් නගරයේදී පැවති එක්දින  තරඟයෙදී එම වාර්තා දෙකම තමන් සතු කරගත් අතර ඒ පන්දු 16 කදී අර්ධ ශතකයත්, පන්දු 31 ක දී ශතකයත් වශයෙන්ය.

         කොදෙවුවන්ගේ පන්දු වලට වේගවත් පහරයන් එල්ල කරමින් අති විශිෂ්ඨ පිති හරඹයක යෙදුණු ඩිවිලියර්ස් තරඟ පිටියට පිවිසියේ ලකුණු 247ක දී දකුණු අප්‍රිකාණු පිළේ පළමු කඬුල්ල බිඳ වැටීමෙන් අනතුරුවය. මින් පෙර ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය විසින් පකිස්තානයට එරෙහිව පන්දු 17කදී අර්ධ ශතකයක් ලබා ගනිමින් තබා තිබූ ලෝක වාර්තාව මෙන්ම නවසීලන්ත ක්‍රීඩක කුරේ ඇන්ඩසන් විසින් කොදෙවුවන්ට එරෙහිව පන්දු වාර 36කදී ශතයක් ලබා ගනිමින් තබා තිබූ ලෝක වාර්තාවද මෙමඟින් බිද වැටුණි.

   
  අවසන් ඔවර ඕවර 10 යේදී ක්‍රිකට් ලෝලී ප්‍රේක්ෂක පිරිස මවිතයට පත් කරමින් හයේ පහරවල් 16ක් සහ හතරේ පහරවල් 9ක් සමඟින් පන්දු වාර 44කදී ලකුණු 149ක් ලබා ගැනීමට ඩිවිලියර්ස් සමත් විය. එක්දින තරඟ පිටියේදී  වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව එල්ල කිරීම සම්බන්ධයෙන් පැවති ලෝක වාර්තාව සම කිරීමට ද මෙම තරඟයේදී ඩිවිලියර්ස්ට හැකි විය. එමෙන් ම එක්දින තරඟයකදී දකුණු අප්‍රිකාණු කණඩායම විසින් වාර්තා කරන ඇති ඉහළම ලකුණු ප්‍රමාණය මෙය වන අතර ශ්‍රී ලංකාව විසින් නෙදර්ලන්තයට එරෙහිව 2006දී තබා තිබූ ලකුණු 443ක ලෝක වාර්තාව බිඳ හෙළීමට මෙම තරඟයේදී දකුණු අප්‍රිකාණු කණඩායමට හිඟ වූ ලකුණු සංඛ්‍යාව 5ක් පමණි.

   එමෙන්ම මෙම තරඟයේ තවත් සුවිශේෂීත්වයක් ලෙස එක්දින තරඟ පිටියේදී එක් කණඩායමක් විසින් ලබාගත් වැඩිම ශතක ප්‍රමාණයටද දකුණු අප්‍රිකාණුවන්ට හිමිකම් කීමට හැකි විය. ඩිවිලියර්ස්ට අමතරව හසිම් අම්ලා සහ රිලී රොසෙව්ද ශතක ලබා ගත් අතර දකුණු අප්‍රිකානු කණඩායම විසින් වාර්තා කළ මුළු ශතක සංඛ්‍යාව 3කි.


Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment