ෂාහිඩ් නැවතත් කරීනා සමඟ Shahid Kapoor Kareena Kapoor
බොලිවුඩය කියන්නේ ප්‍රේම වෘත්තාන්ත වලින් පිරුණු තැනක්. ආදරණීය හමුවීම් වගේම විරසක වීම් ද නිතර දැකිය හැකියි. කලක් බොලිවුඩයේ ප්‍රසිද්ධ පෙම් යුවලක් වූ ෂාහීඩ් කරීනා (Shahid Kapoor / Kareena Kapoor) යුවල එම පෙම් සබැදියාව බිඳී යෑමෙන් පසුව දිගු කලක් විරසකව පසු වුණා. එහෙත් නැවතත් ඔවුන් දෙදෙනා රංගනය සඳහා දායක කරගනිමින් චිත්‍රපටයක් කිරීම සඳහා අභිෂේක් චෞද්‍රරි (Abhishek Chaudhary) සූදානම් වන බව ඇසන්නට ලැබුණා. අභිෂේක් මෙම තීරණය ගෙන ඇත්තේ කරීනා කපූර් (Kareena Kapoor) සහ සායිෆ් අලී ඛාන් (Saif Ali Khan) යුවල අතිනත ගැනීමෙන් පසු ෂාහිඩ් කරීනා සමඟ වූ විරසක වීම් අතහැර දැමූ බව පැවසීමත් සමඟයි. එහිදී ෂාහීඩ් තව දුරටත් මාධ්‍යය හමුවේ කියා සිටියේ, කරීනා සමඟ චිත්‍රපට සඳහාද ඉදිරියේදී දායක වීමට කැමැත්තෙන් සිටින බවයි. මේ නවතම චිත්‍රපටයට සුරූපී නිළි ආලියා භාට් (Alia Bhatt ) ද රංගන දායකතවය සපයනවා.
0 comments :
Post a Comment