රංගනය කියන්නේ ඇස කණ පිනවමින් හදවතටත් මනසටත් කතා කරන අපූරු මාධ්‍යයක්. සිනමාව කියන්නේ එහි ප්‍රධාන ම අංගයක්. රංගනය නිසාවෙන් සිනමාව තුළ සුදීපවත් වෙන තරු ගුණය හිමි අපූරු කඩවසම් තරුණයෙක් ඔහු. නම කියූ පමණින් ඔබ ඔහු හඳුනනවා. රොශාන් රණවන. යොවුන් ප්‍රේමයේ අවිහිංසක ප්‍රේමවන්තයා ලෙස රසික සිත් වල ඔහුට හිමි වෙන්නේ වැඩි ඉඩක්. සිනමා නිර්මාණ තුළින් ඔහු බොහෝ සුරූපිණියන්ගේ ප්‍රේමය දිනූ සිහින කුමරා වුණා. පසු ගිය දිනක ඔහු සැබෑ ලොවේදී දුටු ආදර සිහිනය සැබෑ කර ගනිමින් යුග දිවියට එළඹුණා. කලාව තුළ මේ කඩවසම් තරුණයාගේ (Roshan Ranawana) ඉදිරි ගමන් මග කෙසේ වේවිදැයි විමසා බලන්නට සිතුණා.
මෙතෙක් සිනමාවේ ඔහුගේ අනන්‍යතාවය වූ අවිහිංසක පෙම්වතාගේ චරිතයෙන් මිදුණු විවිධාකාරයේ චරිත තුලින් ඉදිරියේදී රොශාන් රණවන ගේ (Roshan Ranawana) රංගන කෞශල්‍යය වඩාත් හොඳින් දැක ගන්නට හැකි වනු ඇති. විවහ දිවියට එළඹීමත් සමඟ පෙරට වඩා වගකීම් සහිත ජීවිතයක් ගත කිරීමට සිදු වුවත් ඔහු සිනමාව තුළ යමින් සිටින ගමනේ කිසිදු වෙනසක් සිදු වන්නේ නෑ.
Roshan Ranawana ගේ ඉදිරියට විකාශනය වන චිත්‍රපට හා ටෙලි නාට්‍ය (New Films & Tele Dramas)
පසුගිය වසරේදී ඔහු සිනමා නිර්මාණ කිහිපයකටම සිය රංගන දායකත්වය සපයනු ලැබුවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත සුනෙත් මාලිංග (Suneth Malinga) ගේ "ස්පන්දන" Spandana, සනත් අබේසේකර Sanath Abeysekara ගේ "මහරජ අජාසත්ත" Maharaja Ajasaththa, නලීන් රාජපක්ශ (Nalin Rajapaksha) ගේ "රන් දේදුන්න" Ran Dedunna වැනි ප්‍රබල තේමාවන් රැගත් නිර්මාණ තුළින් ඔහුව දැක ගැනීමට හැකි වේවි. එළඹෙන මාර්තු මස දී ක්‍රියාදාම චිත්‍රපටයක (Action film) ද රංගනයේ යෙදීමට ඔහු අපේක්ශාවෙන් සිටිනවා. "උලත් එකයි පිලත් එකයි" Ulath Ekai Pilath Ekai යන නමින් එය අනාගතයේදී සිනමාවේ සිහින තරුවට වෙනස් ම හැඩතලයක් එකතු කරමින් තිරගත වනු ඇති.මහරජ අජාසත්ත Maha Raja Ajasaththa චිත්‍රපටය තුළින් සිය රංගන ප්‍රතිභාව හොඳින් ම ප්‍රේක්ශකයන්ට දැක ගැනීමට හැකි බව රොශාන් රණවන Roshan Ranawana පවසනවා. මෙතෙක් කල සියලුම චරිත එක්ක සංසන්දනය කිරීමේදී මෙය බෙහෙවින් ම වෙනස් චරිතයක්. රාජපුරුෂයෙක් ලෙස රොශාන් රණවන Roshan Ranawana ගේ රංගනය මුහු කරගත් මහරජ අජාසත්ත Maha Raja Ajasaththa චිත්‍රපටය අජාසත්ත ඓතිහාසික කතා පුවතේ (Historical Story of Ajasaththa) සාමාන්‍ය ජනයා නොදන්නා පැති කඩක නිරූපණයක්. රොශාන් දකින විදියට මෙය ඔහුගේ පවතින ස්වරූපයෙන් පවා බොහෝ වෙනස් වූ වේශ නිරූපණයකින් සහ වෙනස් ම රංගන ක්‍රමවේද තුලින් ඔහුව වෙනස් ම ආකාරයට දැක ගත හැකි චිත්‍රපටයක්
රෝමාන්තික, අවිහිංසක චරිත තුළින් රසික ආදරය දිනාගත් රොශාන් රණවන Roshan Ranawana වෙනත් ආකාරයේ චරිත තුළින් සිනමාවට දායක වන්නට ගත් පියවර නිසා ඔහුගේ රසිකයින්ගෙන් අයහපත් ප්‍රතිචාර නොලැබෙනු ඇතැයි ඔහු විස්වාශ කරනවා.
කලා ක්ෂේත්‍රය තුළ රැදී සිටීමට නම් එක රාමුවකට කොටු වී සිටින රංගන ශිල්පියෙකු නොවිය යුතු බවයි ඔහුගේ අදහස. නටමින් මල් ගස් වටේ කැරකෙන ප්‍රේමණීය චරිත පමණක් රඟපෑමට හැකි නලුවෙක් යන ලේබලය වැදෙනවාට ඔහු කිසි සේත් ම කැමති නැති බවයි පවසන්නේ. ඒ නිසා මේ වසරේ ඔහු ඒ අභියෝගයට මුහුණ දෙමින්, කලාකරලියට නැවුම් මුහුණුවරකින් දායක වෙමින් සිනමාලෝලී රසික පිරිස අතරට යෑමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
විවිධත්වයකින් යුතු චරිත රඟපෑමට ඔහු තුළ කැමැත්තක් සහ හැකියාවක් පෙර සිටම තිබුණු නමුත් චිත්‍රපටි නිර්මාණ කරුවන් ඔහු තුළින් බලාපොරොත්තු වුණේ ඒකාකාරී රංගනයක් පමණයි. එහෙත් මේ වසරේ ඔහුගේ සිහිනය සැබෑ කරමින් ලැබුණු අවස්ථාව පිළිබඳ උපේක්ශාවෙන් පිරුණු සතුටක් ඔහු තුල තිබෙනවා.
ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට වඩා ඔහු ඇලුම් කරන්නේ සිනමාව Cinema ටයි. ඉදිරියේදීත් සිනමාවේ පෙරලිකාරයෙක් ලෙස අපට ඔහු දැකගත හැකියි.එහෙත් ඉඳහිට ටෙලි නාට්‍යය සඳහා ද දායක වීමට ඔහු බලාපොරොත්තු වෙනවා.
පසු ගිය දිනවල රන් සමනළයෝ Ran Samanalayo ටෙලි නාට්‍යය හරහා ආලින්දය හැඩ කල ඔහු මේ දිනවල කලු සෙවනැල්ල Kalu Sewanella ටෙලිනාට්‍යය යෙන් ද අප අතරට එනවා. ඉදිරියේදීත් සිනමාවට වැඩි නැඹුරුවක් තිබුණත් ඉඳහිටක ටෙලිනාට්‍යය වලටද දායක වීමට ඔහු බලාපොරොත්තු වෙනවා.
ඔහුගේ සිහින සියල්ල සපල වේවායි කියා ප්‍රර්ථනා කරන ගමන් ම රංගනයේ සීමා අතික්‍රමණය කරමින් ඉහළම රසවින්දනයක් සඳහා රසික ඔබ වෙනුවෙන් ඉදිරියේදී බොහෝ දේ සිදු කිරීමට Roshan Ranawana ට අවස්ථාව උදා වෙන්න යැයි කියාද අපි ප්‍රාර්ථනා කරනවා.
0 comments :
Post a Comment